ශ්‍රී ලංකාවේ මැතිවරණ නියාමනය සදහා යුරෝපා සංගමයෙන් යෝජනා රැසක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පියවර ගත යුතුව ඇති බව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම නිර්දේශ කර සිටී.


එසේම සමාජ මාධ්‍ය හරහා පක්ෂග්‍රාහි හා අසත්‍ය ප්‍රචාර ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහාද යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය මතුව ඇති බව යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ (EU EOM) ප්‍රධාන නිරීක්ෂක මාරිසා මාටියාස් මහත්මිය, the colombo express.com වෙබ් අඩවිය වෙත සඳහන් කලාය.


මැතිවරණ කොමිෂන් සභාවේ ධාරිතාවය හා ක්‍රියා පටිපාටිය ශක්තිමත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමටද ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවිය යුතු බවද මාටියාස් මහත්මිය පැවසුවාය .


යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ අවසන් වාර්තාව මාධ්‍ය වෙත නිකුත්කිරීමෙන් අනතුරුව අප වෙබ් අඩවිය සමග සාකච්ජාවකට එක්වෙමින් මාටියාස් මහත්මිය මේ බව පැවසීය


යුරෝපා සංගමයේ අවසාන වාර්තාව සහ නිර්දේශ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළාය.
පසුගිය ජනපතිවරණ සමයේදීද සාම්ප්‍රදායික හා සමාජ මාධ්‍යවල පක්ෂග්‍රාහී සහිත වාචාල කතා, වෛරී කතා සහ වැරදි තොරතුරු ප්‍රචාරය වූ බවද ඇය සඳහන් කලාය .