නවතම පුවත්

කොරෝනා වයිරස් අවධානම ජාත්‍යන්තර හදිසි තත්වයක් බවට පත් කිරිමේ සූදානමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වයිරසය යුරෝපය දක්වාද ව්‍යාප්තවීමත් සමග , මෙය ජාත්‍යන්තර හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත.


ඒ පිලිබඳ තීරණය කිරීම සඳහා මේ සතියේ විශේෂ හමුවක් පත්වීමටද ලෝක සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
මේ වනවිට මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් තිදෙනෙක් පිළිබඳව ප්‍රංශයෙන් වාර්තාවී ඇති අතර ඊට අමතරව ඔස්ට්‍රේලියාව, මැලේසියාව යන රාජ්‍යවලින් සහ දකුණු ආසියානු කලාපයට අයත් නේපාලයෙන්ද කොරෝනා වෛරස ආසාදිතයන් හමුව තිබේ.


ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් කොරෝනා වෛරස ආසාදිතයන් බවට සැකකළ හැකි පුද්ගලයින් 11දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධ විශේෂ වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවති.


මේ අනුව වෛරසය ආසාදනය වූ රෝගියෙක් නිශ්චිතව හදුනාගත් පළමු දකුණු ආසියාතික රාජ්‍ය බවට නේපාලය පත් වෙයි. ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් කොරෝනා වෛරස ආසාදිතයන් බවට සැකකළ හැකි පුද්ගලයින් 11දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධ විශේෂ වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවති.


චීන චන්ද්‍ර නව වසර උදාවද නොසලකමින් මධ්‍යම චීනයේ නගර 13ක් වෙත සහ ඉන් පිටතට සංචාරක සීමා පනවා තිබේ. විදෙස් වාර්තා සදහන් කළේ, මෙසේ සංචාරක සීමා පැනවූ නගරවල ජනගහණය සැලකූ කළ එය ශ්‍රී ලංකාවේ ජන ගහණයද ඉක්මවන බවයි.

ආසාදිතයන් සදහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වෙනම රෝහලක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. චීන මාධ්‍ය වාර්තා කරන්නේ ඇඳන් 1000කින් සමන්විත එම රෝහල් දින හයක් තුළ ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්