ශ්රී ලංකාවේ සංවර්ධන ක්රියාවලියේ විශ්වාසනීය සහකරුවෙකු ලෙස ඉන්දියාව දශක ගණනාවක් පුරා කටයුතු කර ඇති බවත් එම සබදතාව තවදුරටත් ඉදිරියට ගෙනයාමට ඉන්දීය රජය සූදානම් බවත් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර සිටී .
ඉන්දීය ජනරජ දිනය නිමිති කරගනිමින් , ඉන්දු – ශ්රී ලංකා සබඳතා පිළිබඳව විශේෂ ප්රකාශයක් නිකුත් කරමින් බග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ සම්භන්ධව විශේෂ ප්රකාශනයක්ද අද දින නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ.