ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට එක්වන්න – ජැක්ලීන්ගෙන් යොහානිට ආරාධනා!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර වශයෙන් තමාට ලැබී ඇති ඉමහත්වූ ජනප්‍රියත්වය , යොදාගනිමින්  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැංවීමට එක්වන ලෙස , ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිලි ජැක්ලින් ෆර්නැන්ඩ්ස් , ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ගෙන් ඉල්ලා සිටී .

මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත යොහානි ද සිල්වා හා ජක්ලීන් අතර  කෙටි හමුවීමක් ඉන්දියාවේදී ඊයේ සිදුවූ අතර එහිදී ජක්ලීන් මෙම ආරාධනාව ඉදිරිපත් කර ඇත .

යෝහානිගේ ජනප්‍රියත්වය ගැන අතිශයෙන් සතුටට හා ආඩම්බරයට පත්වන බවද ජක්ලීන් මෙහිදී සඳහන් කර ඇත .

ළඟදීම යොහානි සමග එක්වී නවතම නිර්මාණයක් සිදුකිරීමට සැලසුම් කරන බවද ජක්ලීන් මෙහිදී සඳහන්  කර ඇත .

මෙම හමුව ඉතා සුහද ලෙස පැවත්වී ඇති බවත් , ඉන්දියාව හෙල්ලූ මෙම ශ්‍රී ලාංකික කලාශිල්පිනියන් දෙදෙනා එක්වී  ඉදිරියේදී විශේෂ යමක් ලොවට ඉදිරිපත්කිරීමට සලසුම් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත

දෙදෙනා හමුවූ අවස්ථාවේ ගත් ජයාරූප කිහිපයක් පහත දැක්වේ –