ශ්‍රී ලංකාවේ 18න් ඉහල සියලුම දෙනාට කොවිඩ් එන්නත ලබාදේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව   වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

එසේම කොරෝනා එන්නත ඉදිරියේදී ලබාදෙනු ලබන්නේ වැඩිම අවදානමක් සහිත ප්‍රදේශ අනුපිළිවෙළට බව ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද පැවසීය .

මේ අතර  ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළ හරහා මෙරටට ලබාදෙන එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රමාණයක් මේ වනවිට මෙරටට එවීම සඳහා සූදානම් කර ඇති බව එම සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිනිකොණදිග ආසියානු කලාපයේ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ප්‍රකාශ කළේ, මෙම මාසය අවසන්වීමට ප්‍රථම එම එන්නත් තොගය මෙරටට ලැබෙනු ඇති බවයි.

කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

එම සංවිධානය ප්‍රකාශ කළේ, එලෙස ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 3ක් මේ වනවිට ඉන්දියාවේ සීරම් ආයතනය ඇසුරුම් කර අවසන් බවයි.