නවතම පුවත්

මියන්මාරයේ මාධ්‍ය නිදහසට එල්ලවන බලපෑම් හෙළාදකිනවා – ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී .

මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත .

සමාජ මාධ්‍ය පාලනයට මියන්මාර බලධාරීන් ගෙන ඇති පියවරද අතිශය පිළිකුලින් යුතුව හෙලා දකින බවත් භාෂණයේ නිදහස යනු ප්‍රජාත්නත්‍රවාදයේ ප්‍රධානතම හා වැදගත්ම අංගයක් වන බවත් මෙම ලිපියේ සඳහන් කර ඇත .

සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතාගේ හා මහ ලේකම් පැතුම් වික්‍රමරත්න මහතාගේ අත්සන් සහිතව යොමු කර ඇති මෙම ලිපියේ මෙසේද දැක්වේ .

ආසියාකරයේ මාධ්‍යවේදීන්ගේ අයිතීන් පිළිබඳව මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳවද කැපවී කටයුතු කරන මාධ්‍ය සංවිධානයක් ලෙස මියන්මාරයේ සිදුවෙමින් පවතින වත්මන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳව දැඩි ලෙස කනගාටුවනවා . එම තත්වය යලි නිවැරදි කිරීම සඳහා ජාත්‍යන්තරය යම් බලපෑමක් හා මැදිහත්වීමක් කල යුතු බව අපගේ අදහසයි . විශේෂයෙන්ම ලොව පුරා මාධ්‍ය සංවිධාන හා මානව හිමිකම් සංවිධාන මෙහිදී මූලිකත්වය ගත යුතුයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්