නවතම පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු සංචාරයට අමෙරිකානු රාජ්‍ය ලේකම් ගුවන්ගත වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක සංචාරය සඳහා ගුවන්ගත වූ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

ඒ සිය සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමිනි.

“ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි.” යනුවෙන් පොම්පියෝ සටහන් කර ඇත.

මේ අතර මෙරට ආර්ථික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලදී “දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ” ගන්නා ලෙස අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ සතියේ කොළඹ සංචාරයේදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ඇති බව අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගිය දා ප්‍රකාශ කර තිබේ.

චීනයේ නම සඳහන් නොකොට අමෙරිකානු නිලධාරීන් මාධ්‍යයට කරුණු දක්වමින් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා තිබුණේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමග දැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරි ඩීන් තොම්සන් පැවසුවේ “විනිවිද පෙනෙන හා පාරදෘශ්‍ය ආර්ථික සංවර්ධනය සඳහා අප ලබා දෙන විකල්ප සමාලෝචනය කරන ලෙස අපි ශ්‍රී ලංකාව දිරිමත් කරමු.

දිගුකාලීන සමෘද්ධිය සඳහා ආර්ථික ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු,” තොම්සන් පැවසීය.

මයික් පොම්පියෝ ආසියානු සංචාරයක් සඳහා ඉන්දියාව, මාලදිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කිරීමට නියමිතය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙවර ද ප්‍රධාන අංගය වී ඇත්තේ චීනය සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කරන බව පවසමින් ජනපති ධූරය දෙවන වරටත් ශක්තිමත් කර ගැනීමයි.

ඒ හේතුවෙන් මෙම සංචාරයේ ද ප්‍රධාන ඉලක්කය වන්නේ චීනයට එරෙහිව එම රටවල සහාය ලබා ගැනීමයි.

ඔහුගේ සංචාරය සිදුවන්නේ නොවැම්බර් 3 පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට සතියකට පෙරය.

පොම්පියෝ සහ අනෙකුත් අමෙරිකානු නිලධාරීහු චීනය පිළිබඳ දිගටම විවේචන කරමින්, ලොව පුරා කර ඇති චීන ආයෝජන, “ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය” ලෙස සඳහන් කරමින්, එම ණය නිසා දුප්පත් ජාතීන්ට අධික ණය බරින් මිරිකී සිටීමට සිදූව ඇති බවට චෝදනා කරමින් සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්