ඉකුත් 12 වන දා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
“ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ යෝග්‍යතාව පිළිබඳව දැන ගැනීම සඳහා පැමිණි ගමන අවසන් කළා. ඒ ගමන අවසන් කර ආපසු පැමිණියේ ශ්‍රී ලංකා රජය ගැන, කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාර වගේ ම, මට හමුවුණු ව්‍යාපාර අවස්ථා ගැන විස්මයට පත් වෙලා. ශ්‍රී ලංකාව කියන්නේ විශිෂ්ඨ අනාගතයක් තියෙන සැබෑ මැණිකක්.”
යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත.
මාලදිවයිනේ සංචාරයක් නිමා කිරීමෙන් පසු ඔහු ඉකුත් දා තම පෞද්ගලික ජෙට් යානයෙන් මෙරටට පැමිණියේ ය.
නැතෑනියෙල් රොත්ස්චයිල්ඩ් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන අතර ස්විට්සර්ලන්තයේ පදිංචි ජේකොබ් රොත්ස්චයිල්ඩ්ගේ එක ම පුතු වන ඔහු තම පියාගේ දේපළෙහි උරුමක්කරු බව පැවසේ.
ඔහු විශාල පරාසයක විහිදුණු ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකි.
මෙම සංචාරය විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද්දක් වන අතර එය ව්‍යාපාරික අරමුණු පදනම්ව සංවිධානය කරන ලද සංචාරයක් බව වාර්තා වේ.
Just finished a trip to learn first hand about SL’s suitability as a manufacturing location for electronics. Came away highly impressed by govt of @PresRajapaksa and its pandemic response as well as the businesses I met. SL is a true gem with a great future. #GoSL #SriLanka
— Nat Rothschild (@NatRothschild1) January 21, 2021