නවතම පුවත්

කොවිෂීල්ඩ් එන්න නිපදවීමේ කටයුතුවලට ගින්නෙන් බලපෑමක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ සේරම් ආයතනයේ කර්මාන්ත ශාලාවක ඊයේ දිනයේ  ඇති වූ විශාල ගින්නකින්, පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ගින්න පැතිර ගිය කර්මාන්ත ශාලවේ සිටි තවත් පුද්ගලයන් සිව්දෙනෙකු බේරාගැනීමට හැකිවූ බවද මුදා ගැනීමේ කණ්ඩායම් පවසයි.

කෙසේ වෙතත් කොවිෂීල්ඩ් ලෙස නම් කෙරුණු ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස එන්නතේ නිෂ්පාදන ක්‍රියාවලියට ගින්නෙන් බලපෑමක් නැති බව ඉන්දියාවේ සේරම් කර්මාන්ත ශාලාව පවසයි.

ඔවුන් පවසන්නේ මසකට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 50ක් පමණ කර්මාන්ත සංකීර්ණයේ වෙනත් පහසුකම්වලින් නිපදවන බවය.

බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ භූතානය දැනටමත් කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇත. මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කියා සිටියේ ගින්න විදුලි දෝෂයක් නිසා ඇති වූවක් විය හැකි බවයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්