ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් මිලදී ගන්නා ආකාරය ලෝක බැංකුවේ ඇගයීමට ලක්වේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරන ආකාරය ලෝක බැංකුවේ ප්‍රසාදයට ලක්ව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර සිටී .

මේ නිසාම එන්නත් මිලදී ගැනීමේදී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවද ගුණසේන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

ඉදිරි මාසතුන ඇතුලත කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 15 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිත් බවද ඒ මහතා පැවසීය