නවතම පුවත්

ශ්‍රී ලංකාව කොවිඩ් රෝගීන්  වැඩිපුරම සුවවන ලොව දෙවැනි රට වෙයි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවිඩ්- 19 ආසාදිතයින් සුවය ලැබීමේ  වැඩි ප්‍රතිශතය අනුව ලොව දෙවෙනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී .
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සුවය ලැබීමේ ප්‍රතිශතාත්මක අගය ලෙස දැක්වෙන්නේ 98.09%ක් ලෙසය.
මෙම ප්‍රතිශතය ඉහලින්ම පෙන්නුම්කර ඇත්තේ   ඉන්දියාව වන අතර  අතර එය 96.99%ක් ලෙස වාර්තා වන විට දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ලොව දියුණු රටවල් සමඟ සසඳා බැලීමේදී මෙම රෝගීන් සුවය ලැබීමේ වේගය වැඩිකර ගැනීමට මෙරට සෞඛ්‍ය පද්ධතියට හැකියාව ලැබී තිබේ.
ඇමරිකාවේ මෙම රෝගීන් සුවය ලැබීමේ වේගය 61.28%ක් ලෙස දැක්වෙන විට එක්සත් රාජධානියට 50% සීමාවට හෝ පැමිණීමට තවමත් හැකි වී නැත.
එරට කොවිඩ් 19 රෝගීන් සුවය ලැබීමේ ප්‍රතිශතාත්මක අගය ලෙස දැක්වෙන්නේ 43.85%කි.
බ්‍රසීලය සහ රුසියාවද රෝගීන් සුවය ලැබීමේ වේගය වැඩිකරගෙන තිබෙන අතර පිළිවෙලින් 87.21%ක් සහ 85.78%ක් ලෙසයි එය දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය කළමනාකරණය කරගැනීමේ හැකියාව පවතින හෙයින් දෛනිකව වාර්තා වන රෝගීන්ට සාපේක්ෂව දෛනිකව සුවය ලබා නිවෙස් කරා යන රෝගී සංඛ්‍යාව වැඩිකරගැනීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පෙන්වා දී තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්