දම්පත් රණසිංහ
ජල උපාංග ආනයනයට හා නිෂ්පාදනයට නියාමනයක් ඇතිකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
ඊට හේතුවී ඇත්තේ ශ්රී ලංකාව තුළ දිනකට ලීටර් කෝටි 40ක් පමණ ජලය ජලනළ උපාංගවල පවතින දුර්වලතා හේතුවෙන් අපතේ යාමයි.
ඒ අනුව වසරකට ජලය ලීටර් කෝටි 1500කට වැඩි ප්රමාණයක් අපතේ යන බව එම කොමිසම පෙන්වා දී තිබේ.
මෙම අපතේ යන ජලය රැකගතහොත් පවුල් ලක්ෂ 6කට වාර්ෂික ජල සැපයීම සිදුකළ හැකි බව එම කොමිසම අවධාරණය කරයි.
මේ හේතුවෙන් ඉහත නියාමනය ගෙනඒමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.