පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවේ වසර 30ක යුද්ධය සාර්ථකව තුරන් කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමටත් ඒ පිලිබඳ අත්දැකීම් ශ්‍රී බෙදා හදා ගැනීමටත් පිලිපීන රජය සැලසුම් කර ඇත.
මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් එල් . ටියෝඩෝරෝ මහතා මේ වනවිට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකරමහත්මියගෙන් ඉල්ලීමක් කර ඇති බවද තානාපති වාර්තා සඳහන් කර සිටී.
මීට අමතරව ශ්‍රී ලංකාව මැතිවරණ සැලසුම් නිෂ්කාශනය කළ ආකාරය පිළිබඳවද පිලිපීනයේ රජය අධ්‍යයනය කරමින් සිටින බව ටියෝඩොරෝ මහතා මෙහිදී සඳහන් කර ඇත.
ප්රතිසන්ධාන ක්‍රියාවලිය හා ත්රස්තවාදයට එරෙහි යාන්ත්‍රණය දියත් කල අකාරය පිලිබද අත්දැකීම් බෙදා ගැනීම පිලිපීනයට ඉතා වැදගත් බවද ඔහු පවසා ඇත.