නවතම පුවත්

ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට සිෆිලස් ආසාදනයෙන් තොර රටක් වෙයි

අසංක

අසංක

මවගෙන් දරුවන්ට එච්.අයි.වී. වෛරසය හා සිෆිලස් රෝගය ආසාදනය වීම තුරන් කළ රටක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කර ඇත.

මහජන සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම මේ හරහා මැනවින් පැහැදිලි වන බවත් , ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයට සුභ පතන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං මහත්මිය සඳහන් කර සිටී.

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවේ මූලක සෞඛ්‍ය සේවාවන් විධිමත් ලෙස ගොඩනැංවීමට ශ්‍රී ලංකාව ගත් පියවරයන් , හරහා මෙම සාර්ථකත්වය ලැබී ඇති බවද සිං මහත්මිය සඳහන් කර ඇත.

මවගෙන් දරුවන්ට එච්.අයි.වී. වෛරසය ආසාදනය වීමක් පිළිබඳව 2017 වසරේ සිටම ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

දකුණු හා නැගෙනහිර ආසියානු කලාපය තුල තායිලන්තය හා මාලදිවයිනට පසු , සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම අංශය තුලින් මෙතරම් සාර්ථක මට්ටමක පැමිණ ඇති එකම රට ශ්‍රී ලංකාව වන බවද ලෝක සෞඛ්‍ය සංවිධාන සඳහන කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්