ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අභියෝගයට ජපානයේ සහය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාව තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින බැවින් චීනයේ සහය අඛණ්ඩව මෙරටට  ලබා දෙන බවට  චීන රජය එකඟතාවය  පල  කළ බව චීනයේ  ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාසහ කර සිටී .

 

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ,චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය ලූවෝ ජාවෝහුයි මහතා හමු වූ අවස්ථාවේ මේ එකඟතාවය පිළිබඳව කරුණු සඳහන් වී ඇත

 

විශේෂයෙන්ම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට චීනයේ සහය ලබා දෙන බවද උප අමාත්‍ය ලුවෝ මහතා මෙහිදී සහතික වී තිබේ.

 

දෙපාර්ශවය අතර පැවති මෙම දීර්ඝ සාකච්ඡාවට ජාත්‍යන්තර සංසදවල දී සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහය, කොවිඩ්-19 වසංගතයෙන් පසු ප්‍රකෘතිමත් වීම හා සම්බන්ධ ආර්ථික කරුණු, කොවිඩ්-19 වසංගතය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ අනාගත ඉහළ මට්ටමේ සංචාර පිළිබදව ද සාකච්ඡාව බඳුන් වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

 

ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීම සඳහා සහ රජය සතු ව්‍යවසාය ඇතුළුව වැඩි ව්‍යාපාර සංඛ්‍යාවක් කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කරවීම සඳහා දරන ප්‍රයත්නවලට චීන විදේශ කටයුතු අමාත්‍යාංශය කාර්යශීලී ලෙස සහය දක්වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.