ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෙරට වංචා හා දූෂණ රැසක් මෑත කාලයේ වාර්තා වී ඇති බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ එන්.සී.සී. ක්‍රිකට් සමාජයේ පැවති උත්සවයකදී ය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වන විට දූෂණ හා වංචා සිද්ධි 43ක් වාර්තා වී ඇති බවත්, ඉන් 23ක්ම ශ්‍රී ලංකාව පිළිබඳව බවත් කුමාර් සංගක්කාර මෙහිදී සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර සංගක්කාර මෑත කාලයේ වාර්තා වී ඇති මේ ක්‍රිකට් වංචා හා දූෂණ ගැන අපි කනගාටුවට පත් වෙනවා වත්මන් ක්‍රීඩකයන් හෝ හිටපු ක්‍රීඩකයන් මේවාට සම්බන්ධ බව ප්‍රකාශ වීම ඉතාමත් කනගාටුදායක තත්වයක් එසේම වාර්තා වූ සිද්ධි 43න් 24 කටම ශ්‍රී ලංකාවේ නම් ගෑවිලා තිබෙනවා අපි මේවා අතීතයේ පාඩම් ලෙස ගෙන වර්තමානය හා අනාගතය සැලසුම් කල යුතුයි.
විශේෂයෙන් අපි හැමෝම වගකීමක් ගන්න ඕනෑ ක්‍රීඩා සමාජ මට්ටමින් ගෙන එන්න ඕනෑ ජාතික මට්ටම දක්වා ඒ සදහා අවශ්‍ය විනය හදන්න අපි යාන්ත්‍රණයක් ගේන්න ඕනෑ එසේම අපි හැමෝම දැනුවත් කරනන් ඕනෑ.
මම මේ ගැන අතිශයෝක්තියෙන් කතා කරනවා නොවේ. මේවා නොවෙන්න අවශ්‍ය නීති රාමු සකස් කරන්න ඔීනෑ. ඒ තුලින් ක්‍රීඩකයන්ට බියක් සැකක් නොමැතිව කටයුතු සලස්වන්න ඕනෑ ඔවුන් මේ ක්‍රීඩාවේ නොකල යුතු දේවල් නොකර කටයුතු කරන්න් දිරිමත් කරන්න අවශ්‍ය බවත් කුමාර් සංගක්කාර පැවැසීය.
මේ අවස්ථාවට හිටපු ප්‍රභල ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියහ.