ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වැටුප් නැතිව ක්‍රීඩා කිරීමට තීන්දු කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර ඇත .

ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳව මතුව ඇති බරපතළ ගැටලු හේතුවෙන් මෙලෙස මෙම ක්‍රීඩකයින්  ගිවිසුම්ගතවීමට එකඟ නොවන බවදඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරයා සඳහන් කර ඇත

ඒ අනුව  ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් ද එම සංචාර ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකී සිටීමට  තීරණය කර තිබෙ

ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟ නොවුවද ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු අනෙකුත් සංචාරවලට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත් නීතීඥවරයා  සදහන්.කර ඇත  එමෙන්ම ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටක වුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බව ක්‍රීඩකයින් 38 දෙනා වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා  පෙන්වා දෙ