නවතම පුවත්

ශ්‍රී ලංකා ගුවන්විදුලිය , ඉන්දියාව පුරා , රතන සූත්‍ර දේශනාව විකාශය කරයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව  අද (06) දින සිට ඉන්දියාව පුරා සතියක් විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු ආරම්භ කර ඇත .

ඒ අනුව කෙටි තරංග 873 KHz යටතේ අද සවස 6.30 සිට  7.30 දක්වාත් හෙට සිටමැයි 13 දින දක්වා , සෑම දිනකම  සවස 6 සිට 7 දක්වාත් ඉන්දියාව පුරා මෙම රතන සූත්‍ර දේශනාව විකාශය කිරීමට ශ්‍රී ලංකා  ගුවන්විදුලි සංස්ථාව පියවර ගෙන ඇත .

එසේම ගුවන්විදුලි සංස්ථාවේ ආසියානු හින්දි සේවයේ කෙටි තරංග 25 M  11905 KHT  යටතේද ඉදාසන 6 සොට 8 දක්වා මෙම දේශනාව විකාශය කෙරේ .

මෙම දේශනාව ශ්‍රවනය කිරීම , ඉන්දීය ජනතාවට මෙම කොවිඩ් ව්‍යයසනයෙන් මිදීමට යම් ආශිර්වාදයක් වනු ඇති බවට වන සුභාශිංසන සහිතව මෙරට මහා සංඝරත්නය මෙසේ රතන සූත්‍ර දේශනාව සිදුකරයි

එසේම මේ සමග ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් , ගුවන්විදුලි සංස්ථාවේ සියලු නිලධාරීන්ගේ හා කාර්යමණ්ඩලයේත් සෙත් ප්‍රාර්ථනය ඉන්දීය ජනතාව වෙත පිරිනැමෙන බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සඳහන් කර ඇත .

ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ .

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්