ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත .

. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් දෙදෙනාට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී .

එළෙඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායම් 03ක් යටතේ සිය පුහුණුවීම් සඳහා යොමු කර තිබු අතර . ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් මේ වන විටත් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.

මේ අතර වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කොට යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇත .