ශ්‍රී ලංකා මහාබෝධියේ මැදිහත්වීමෙන් සාංචි නුවර වැසියන්ට ආධාර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගතය හේතුවෙන් අසරණ වී සිටින ඉන්දියාවේ  මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි  සංචි නුවර හා ඒ අවට කුඩා ගම්මානවල වෙසෙන පවුල් වෙත සහනාධාර ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය මූලිකත්වයෙන් ආරම්භ කර ඇත .

ඒ අනුව පසුගිය වෙසක් පොහෝ දින ,  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනි වියට්නාමයේ බෝධි චිත්තා තෙරණියගේ සහ වියට්නාම් බෞද්ධ සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් සංචි නුවර අවට පවුල් රැසකට මෙන්ම   සාංචි පුදබිමේ කාර්ය මණ්ඩලය වෙතද  වියළි ආහාර ද්‍රව්‍ය කට්ටල බෙදා දෙන ලදී

මහනුවර ගාමිණී අභයරත්න මහතාගේ සහ සාංචි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් යුක්තව සිදු කළ මෙම සමාජ සත්කාර වැඩසටහනට අනුව සාංචි චේතියගිරි විහාරවාසී උඩුගම තපස්සි හිමියන් විසින් සාංචි ගම්වාසීන් වෙත එම ආහාර ද්‍රව්‍ය කට්ටල බෙදාදීම සිදු කළ අන්දම  පහත  ඡායාරූපවල දැක්වේ .

.