නවතම පුවත්

ශ්‍රී ලංකා වරාය අධිකාරියට මහල් 17 කින් යුත් නව පරිපාලන ගොඩනැගිල්ලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කැනල් අංගන පරිශ්‍රයෙහි නිරීක්ෂණ සංචාරයක නිරත විය. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඉදිකිරීමට යෝජිත මහල් 17 කින් යුත් නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නියමිත භූමියේ යෝග්‍යතාව පිරික්සා බැලීම සඳහා ය. ‍මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා, කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් සහ ප්‍ර‍ධාන ඉංජිනේරු ශිල්පීන් පිරිසක් ද එක්වූහ.

වරාය නගරය ආශ්‍රිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වශයෙන් වරාය අභ්‍යන්තරයෙන් ගමන් ගන්නා කැලණිතිස්ස සිට ගාලු මුවදොර දක්වා වූ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගොඩනැගිලි රාශියක් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සිදු වනු ඇත. ඊට පිළියමක් වශයෙන් කැනල් අංගන පරිශ්‍රයෙහි මෙම නව පරිපාලන ගොඩනැගිල්ල ඉදි කෙරෙන අතර ඒ තුළින් වරාය සේවා ලාභීන්ට එකම ස්ථානයකින් සියලුම සේවා ලබාගැනීමේ මහඟු අවස්ථාව සහ සුහුරු වරායක් ලෙස ජාත්‍යන්තර අවධානය දිනාගැනීමේ හැකියාව ද එමගින් උදා වේ. වසර 02 ක දී නිම කිරීමට යෝජිත මෙම නව වරාය පරිපාලන ගොඩනැගිල්ල සඳහා බිලියන 05 ක මුදලක් වැය කෙරෙනු ඇත. මෙම නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතව ඇත්තේ පිටකොටුවේ ශ්‍රී ලංකා රේගු මූලස්ථානය ආශ්‍රිත භූමි ප්‍ර‍දේශයක වේ. එය වරාය සේවා ලාභීන්ට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව සමග සිදුකරන ගනුදෙනු තවදුරටත් කාර්යක්ෂම කිරීමට පිටුවහලක් වේ.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා පැවසූයේ, “වරාය අධිකාරියට නව මූලස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා තමයි අපි අද මේ ස්ථානයට පැමිණියේ. Port Elevated Highway එකක් අධිවේගී වරාය පිවිසුම් මාර්ගයක් ඉදිවෙනවා. ආසියානු සංවර්ධන අරමුදලෙන්, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ඒ කටයුතු කෙරෙනවා. ඒ පිවිසුම් මාර්ගය ඉදිකරන කොට ඉඟුරු කඩේ හංදියෙන් ආරම්භ වෙලා වරාය දක්වා එනවා. එතකොට වරායේ යම් යම් ගොඩනැගිලි ඉවත් කිරීමට සිදුවෙනවා. ඒ ඉවත් කරනකොට මූලස්ථාන ගොඩනැගිල්ලත් එතනින් ඉවත් කරන්න වෙනවා මේ අධිවේගී පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා. ඒ නිසා දීර්ඝ කාලයක් සාකච්ඡා වෙමින් තිබුණ මේ මූලස්ථාන ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු අපි ඉක්මන් කරන්න තමයි තීරණය කරලා අද අපි ඒ පිළිබඳ කටයුතු කරගෙන යන්නේ.ඒ ගොඩනැගිල්ල ඉදිකරන්නත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ම අපිට අරමුදල් ලැබෙනවා. ඒ ව්‍යාපෘතියේ කොටසක් විදියට. විශේෂයෙන් අවතැන් වෙන වරාය සතු ගොඩනැගිලි මෙතන ස්ථාපිත කරන එකේ අරමුණ තමයි තියෙන්නේ. මෙය තට්ටු 17 ක ගොඩනැගිල්ලක්. අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්. ලංකාවේ ඉංජිනේරුවරුන්, ලංකාවේ ඉදිකිරීම් සමාගම් තමයි අපි පාවිච්චි කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. ඉතා විශාල අභියෝගයක්. වරාය අධිකාරියත් ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියත් භාර අරගෙන තියෙනවා වසර 02 ක් ඇතුළත දී මේකෙ වැඩ කටයුතු නිමකරන්න. ඒ වගේම අධිවේගී පිවිසුම් මාර්ගයේ වැඩ කටයුතු වසර 03 ක් ඇතුළත දී අවසන් වෙනවා. ඒකෙන් විශේෂයෙන් වරාය ඇතුළට එන වාහන වල තදබදයත් නගරයට ඒ නිසා අවම වෙනවා. ඒ වගේම එයින් නගරය ඇතුළත වාහන වලටත් විශාල සහනයක් ලැබෙනවා. Port Elevated Highway ව්‍යාපෘතිය ඒ කියන්නේ ගොඩනැගිල්ල නැතිව, මාර්ගයේ කටයුතු සඳහා පමණක් රුපියල් බිලියන 26 ක් වැය වෙනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 05 ක් ආසියනු සංවර්ධන බැංකු අරමුදල් වලින් අපට ඒක අඩු පොලී ණයක් වශයෙන් ලැබෙනවා. මාර්ගයත් අත්‍යවශ්‍ය දෙයක්. එයින් නගරයටත් සහනයක් එනවා. ඒ වගේම වරාය කටයුතු වලටත් විශාල සහනයක් එනවා. මේ ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් සාකච්ඡා වෙලා තිබුණ ව්‍යාපෘතියක්. ස්ථානයයි ඒ ඉදිකරන අරමුදලුයි අපි මේ පසුගිය වර්ෂ දෙක තුළ ආසියානු සංවර්ධන බැංකු අරමුදලත් සමග සාකච්ඡා කරලා ලබාගත්තා…..” යනුවෙන් ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා