ශ්‍රී ලංකා වෙරළේ ප්ලාස්ටික් ප්‍රතිශතය ඉහළ යාමේ අනතුරක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ  වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අනතුරක් මතුව ඇති බව විශේෂඥයින් සඳහන් කර සිටී .

මේවනවිටත් ශ්‍රී ලංකාව , සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ලොව 05 වන ස්ථානයේ රැඳී සිටීන අතර නෞකාවේ ගින්න හේතුවෙන් මෙම තත්වය තවදුරටත් බරපතල වනු ඇති බව ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් පද්මලාල් මහතා  කියා සිටි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව තිබු බවත් . මෙය ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බවත්  ඔහුමාධ්‍ය වෙත පැවසීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ තිබූ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල වශයෙන් නෞකාවේ ගින්නෙන් පසු මෙරට වෙරළ තීරය පුරා විසිරී තිබෙනු දැකගත හැකිවු බවද ඒ මහතා පැවසීය