ශ්‍රී ලාංකිකයින්ගෙන්, සමාව ඉල්ලනවා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන්  සමාව සහ කනගාටුව ප්‍රකාශ කරන බව එම නෞකාව හිමි සමාගම ප්‍රකාශ කර සිටී ..

කෙසේ වෙතත් මෙතෙක් එම නෞකාවේ ඉන්ධන කාන්දුවක් හඳුනාගෙන නොමැති බවද  සිංගප්පුරුවේ රූපවාහිනී සේවාවක් සමග පැවති සංවාදයකදී නෞකාව අයත්  එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂුමෙල් යෝස්කොවිට්ස් පවසා ඇත .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“මෙම සිදුවීමෙන් ඔවුන්ගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇතිවූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කණගාටුව ශ්‍රී ලංකා ජනතාවට පළ කිරීමට. මෙම සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයින් සමග සම්බන්ධ වුණා. නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සමගත් අපි වැඩ කරනවා. නමුත් මෙතෙක් නැවෙන් තෙල් කාන්දුවන බව හඳුනාගෙන නෑ. නැවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම තවම අමාරුයි. අපි රක්ෂණය කරලා තියෙන්නේ. ඒ නිසා අප ආයතනයට වන මූල්‍ය පාඩුව ඉතා අඩුයි.”

වන්දිගෙවීම ගැන  තක්සේරු කරමින් ඉන්නේ. නමුත් මතක තබා ගත යුතුයි…එය දීර්ඝ ක්‍රියාවලියක්. මෙම සිදුවීම නිමවීමෙන් අනතුරුව එහි හානිය තක්සේරු කළ යුතුයි. අපි මේවන විටම ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. අපි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවුක හමුදාව සමග එකතුව අවශ්‍ය කටයුතු කරනවා. මේ වන විටත් වෙරළ පිරිසිඳු කිරීම අරඹලා තියෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය සමහර උපකරණ සැපයීම කළා.”