නවතම පුවත්

ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන් කොවිඩ් 19 වැළැක්වීමේ මෙහෙයුමට දෙන සහය වැඩිකරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝකයම එකම සුසාන භූමියකි. මර බිය දසත පැතිරෙමින් තිබේ. කොවිඩ් 19 (කොරෝනා ) වසංගතය සෑම හිඩැසකින්ම රිංගා යමින් ජීවිතයක් බිලි ගැනීමට මාන බලමින් සිටියි. බලවතා ද දුබලතා ද නැතිව වංසගතයේ දරුණු කම ලෝකයක් තැති ගන්වා තිබේ.

ශ්‍රි ලාංකේය ජාතියක් ලෙස කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට එකාවන්ව ජනතාව පෙළ ගැසෙමින් සිටිති. ඇතැමෙක්ට මෙහි බරක් පතලක් නොතෙරෙන විට තවමත් නිශ්චිතව ඖෂධයක් දී පාලනය කර ගැනීමට නොහැකි මෙම වසංගතය ඔබ පමණක් බේරන්නේදැයි විමසා සිටීම ප්‍රමාණවත්ය.


රටක් එක පෙළට සිටුවා මෙවැනි වසංගතයකට මුහුණ දීමට විනයවත් කිරීම අපහසු වුවද අනෙකුත් රටවල්වලට සාපේක්ෂව, ශ්‍රි ලාංකේයන් මෙම අනතුර වටහා ගෙන ක්‍රියාත්මකවන ආකාරය පැසසිය යුතුය. ජනාධිපති, අගමැති, ප්‍රමුඛ රජය සිය යුතුකම හැකි උපරිමයෙන් ඉෂ්ට කරමින් සිටියදී, විපක්ෂයේ බුද්ධිමතුන් ඇතමෙක් ද බොරදියේ මාලු බාන්නට නොයා ඔවුන්ට සහය වෙමින් මෙම උවදුරෙන් ජනතාව බේරා ගැනීමේ මෙහහෙයුමට උර දී සිටිති. වෛදවරුන්, හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රජයේ සියලුම මෙහෙයුම්වලට සම්බන්ධ සේවකයන් , ස්වෙච්ඡා සංවිධාන, තාක්ෂණික ආයතන සේවකයන් මෙන්ම මෙම මෙහෙයුමට වචනයකින් හෝ දායකවන ඔබ අප ඇතුළු පිරිස කරන කාර්ය රට වෙනුවෙන් අති මහත්ය.

ඉහත පිරිස අතර සදහන් නොකළ ශ්‍රි ලාංකේය ව්‍යාපාරික ප්‍රජාව ගැන විශේෂයෙන් සදහන් කිරීම මෙම ලිපියේ නිමිත්තයි. අලි බබා අන්තර්ජාල අලෙවිකරණ සමාගමේ නිර්මාතෘ ජැක් මා ශ්‍රි ලංකාව ඇතුළු කොරොනා වෛරසය ව්‍යාප්තවන රටවලට ඩොලර් මිලියන ගණනක ආධාර ලබාදීමේ ප්‍රවෘත්තිය වේගයෙන් පැතිර යද්දි ඇතමෙක් විමසන්නට වුයේ අපේ ජැක් මා ලා නිහඩයිද යන්නයි.
සැබවින්ම සිදුව තිබුනේ ඒ ඒ දේශිය ව්‍යාපාරිකයන් හැකි උපරිමයෙන් නිහඩව ශ්‍රි ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනයට ඒ වනවිටත් පියවර ගනිමින් සිටිමයි.


නමුත් ඊටත් එහා ගිය අවශ්‍යතාව දැනෙන විට දෙවරක් නොසිතා ඉදිරියට පැමිණි මෙරට ව්‍යාපාරික ප්‍රජාව ප්‍රසිද්ධියේ තමන්ගේ ප්‍රාදනයන් හෙළි කිරීමට පටන් ගත්හ. එහි මුල්ම නිමිත්ත වුයේ කාමර 150 යුතු සිට්‍රස් වස්කඩුව හෝටලය ඉදිරි නිරෝධායන කටයුත්තකට ලබා ගන්නැයි එහි විධායක අධ්‍යක්ෂ දිලිත් ජයවීර විසින් Covid – 19 (කොරෝනා) වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යොමු කළ ලිපියයි.


එම ආරම්භයෙන් පසුව දෙවැනි වෙඩිමුරය පත්තුවුයේ මෙරට තවත් ප්‍රකට ව්‍යාපාරික ජාලයක් වන හේමාස් හෝල්ඩින්ග්ස් ව්‍යාපාරයෙනි. ඔවුන් කාමර 154 යුතු මීගමුව ක්ලබ් හොටෙල් ඩොල්පින් හෝටලය නිරෝධායන කටයුතුවලට යොමු කිරීමට කැමැත්ත පළකරමින් මෙම මෙහෙයුමට ඉදිරිපත් වුයේය. ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස් ව්‍යාපාරය කාමර 81 යුතු ට්‍රින්කො බ්ලූ (Trinco Blu by Cinnamon ) ඉහත පරිද්දෙන්ම නිරෝධායන කටයුතු සදහා සිය හෝටල් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. ඒ නැවත එම හෝටල් පාරිභෝගික කටයුතුවලට විවෘත කිරීමේදී සියලු විෂබීජ හරණය කොට ආරම්භ කිරීමේ මහජන දැනවුත් කිරීමද ඇතුලත්වය.

ප්‍රකෝටි පතියකු ලෙස ගැනෙන ශ්‍රි ලාංකේය ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම මෙහෙයුමට දායකවන අයුරු ප්‍රසිද්ධ කළේ ඉන් අනතුරුවය. ඔහු පළමු පියවරේදී පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 70 ක් (කෝටි 7ක) හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබේ.
බෝවන රෝග රෝහල (අයිඩීඑච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169 ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඔහු ඇණවුම් කර ඇත.

1.Double funtion manual child beds (A-147B&A-147-1)-80
2.Singl function manual child beds -85
3.Three funtio child beds ICU-25
4.Five function manual beds ICU-144
5.Single funtion manual bed -151


ඉහත දෑ ව්‍යාපාරික ධමිම්ක පෙරේරාගේ ඇණවුමට ඇතුලත්ය. මේ ආරම්භයක් පමණි. ඔවුන් මෙලෙස තම පෞද්ගලික ධනය රටත් රටේ ජනතාව වෙනුවෙනුත් ප්‍රදානය කිරීමට එළැඹ සිටියදී, පසුගිය ගෙවී ගිය පැය 24 කාලය තුළ සමාජ ජාලා මට්ටමෙන් ලොකු කුඩා ව්‍යාපාරිකයන් තම හැකි දායකත්වය උපරිමයෙන් ප්‍රදානය කිරීමට පටන් ගෙන තිබේ.


ෆින්ගල් ලංකා බේකරි නිෂ්පාදන ලොරි හතරක පාන් හමුදාවට සහ රෝහල්වලට ප්‍රදානය කර තිබිණි. සමාජ ජාල වෙබ් අඩවිවල වාර්තා වන අන්දමට ග්‍රාමීය මට්ටමේ ව්‍යාපාරිකයෝද සිය ව්‍යාපරයට ලැබෙන ඒළවළු වුවද මලුවලට දමා ඇදිරි නීති සමයේ අපහසුතාවට පත් දුගී ජනතාවට නොමිලේ පරිභෝජනයට බෙදා දී තිබුනෝය.මේ රටත් ලෝකයත් ජවනතාවත් අසීරුම අඩියකට වැටුණු අවස්ථාවකි. නිහඩව තම ප්‍රදානයන් කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපේ ශ්‍රි ලංකා භුමියේ සිටින බව නොරහසකි. ඒ අතර නිහඩ පරිත්‍යාගයන්ට යොමුවුණු ව්‍යාපාරිකයන් සිටී නම් ඔවුන්ටද රටේ ප්‍රණාමය හිමිවිය යුතුය. රටම දිරි ගැන්වෙන අයුරින් කොවිඩ් මාරයාගෙන් රට බේරා ගැනීමට මෙසේ මොහොතින් මොහොත පෙළ ගැසෙන වෛද්‍ය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා ඇතුළු අනෙකුත් සේවා සපයන වෘතිකයන්ට අමතරව ශ්‍රි ලංකේය ලැදි ව්‍යාපාරික ප්‍රජාවක් සිටීමද රට ලැබු ජයග්‍රහණයකි.

සටහන
රමේෂ් වරල්ලේගම
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්