පැතුම් වික්‍රමරත්න
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය.
එම විභාග යම් කාලයකට කල් දමා විෂය ආවරණයට හා විභාගයට සූදානම්වීමට දරුවන්ට කාලය ලබා දීම අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඒ පිළිබඳව නුදුරේදීම ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් වසංගතය නිසා පාසල් වසාදැමීම සහ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය අදාළ විභාග කල්දැමීමට හේතුවූ ප්‍රධාන සාධක අතර වන බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.