නවතම පුවත්

ශිෂ්‍යත්වය හා උසස්පෙළ  විභාග කල්යයි

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය.

එම විභාග යම් කාලයකට කල් දමා විෂය ආවරණයට හා විභාගයට සූදානම්වීමට දරුවන්ට කාලය ලබා දීම අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඒ පිළිබඳව නුදුරේදීම ප්‍රකාශයක් නිකුත් කෙරෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වසංගතය නිසා පාසල් වසාදැමීම සහ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය අදාළ විභාග කල්දැමීමට හේතුවූ ප්‍රධාන සාධක අතර වන බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි