ශිෂ්‍යත්ව – උසස් පෙළ විභාග දින යළි සළකා බැලීමේ තීරණයක්

Picture of අසංක

අසංක

2021 වසර 5 ශිෂ්‍යත්ව හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති දිනයන් තවදුරටත් සළකා බලන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව හෙතෙම කියාසිටී.

අධ්‍යාපන ලේකම්වරයා පසුගියදා (09) නිවේදනය කර සිටියේ, මෙවර 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින ද පවත්වන බවත්, උසස් පෙළ විභාග ඔක්තෝබර් මස 4 වන දින ආරම්භ කරන බවය.

එහෙත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව ඇත.

එබැවින් වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගැනීම උදෙසා මෙලෙස විභාග දින යළි සළකා බැලීමට අපේක්ෂිත ය.