නවතම පුවත්

අධික උෂ්ණත්වයෙන් හා අධික ශීතලෙන් වසරකට ලොව පුරා මිලියන පහක් මියයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධික උෂ්ණත්වය හේතුවෙන් හෝ අධික ශීතල හේතුවෙන් ලෝකයට වසරකට අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාන මිලියන 5 ඉක්මවන බව වසර 20ක් තිස්සේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ලොව පුරා විද්‍යාඥයින් සිය ගණනක් සහභාගී කර ගනිමින් සිදු කරන ලද මෙම අධ්‍යයනයේ නිරීක්ෂණයන්ට අනුව සෑම වසරකම සිදු වන ගෝලීය මරණ සංඛ්‍යාවෙන් සියයට 9.4ක් සිදු වන්නේ අධික ශීතල හේ අධික උණුසුමට නිරාවරණය වීම හේතුවෙනි. එය මිනිසුන් 100000ක් අතරින් අතිරේකව මිය යන සංඛ්‍යාව 74ක් යන්නට සමාන වේ.

මේත් සමග වඩා ආරක්ෂිත නිවාස පරිවරණයක් මෙන්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන වායු සමීකරණ යන්ත්‍ර ආදියෙහි අවශ්‍ය තාව මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් මිය යන මිනිස් ජීවිත සංඛ්‍යාවේ ඉහළ යෑමක් පිළිබදවද අනතුරු අගවයි.

මෙම පර්යේෂණය වර්ෂ 2000 සහ 2019 අතර කාල පරාසය තු‍ළ ලෝකයේ රටවල් 43ක ස්ථාන 750ක මරණ සහ කාල ගුණ විශ්ලේෂණයන් පදනම් කරගනිමින් සිදු කර ඇති අතර එකී ස්ථාන වල සාමාන්‍ය දෛනික උෂ්ණත්වය දශකයකට සෙල්සියස් අංශක 0.26කින් ඉහළ ගොස් ඇත.

මෙම පර්යේෂණ වාර්ථාව පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් ඉහත දශක දෙකක කාලය තුළ අධික උණුසුම හේතුවෙන් මිය යන සංඛ්‍යාවට වඩා අධික ශීතල හේතුවෙන් මිය යන පිරිස ඉහළ ගොස් තිබුණද ක්‍රමයෙන් එය වෙනස් වී ශීතල හේතුවෙන් මිය යන පිරිස අඩුවෙමින් උෂ්ණත්වය නිසා මිය යන සංඛ්‍යාවඉහළ යමින් පවතින බවයි.

මෙම අධ්‍යයනයේ මූලිකයෙකු වන මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යුමින් ගෝ පවසන්නේ දේශගුණක විපර්යාසයන් සමග මෙම වාර්ෂික මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

”අනාගතයේදී ශිත කාලගුණය හේතුවෙන් මිය යන සංඛ්‍යාව පහළ බැසිය යුතුය. නමුත් උෂ්ණත්වය හේතුවෙන් මිය යන සංඛ්‍යාව ඉහළ යනු ඇත.”

ඔහුට අනුව මේ වන විටත් යුරෝපයේ උෂ්ණත්වය හා සම්බන්ධ මරණ අනුපාතය ඉහළ ගොස් ඇත. දේශ ගුණික විපර්යාස පාලනය කිරීම කෙරෙහි මිනිසාගේ අවධානය යොමු නොවුණහොත් මෙම තත්ත්වය වඩාත් බරපතල වනු ඇත. The Lancet Planetary Health සගරාවේ පල කරන ලද මෙම අධ්‍ය්‍යන වාර්ථාව ලෝකයේ විවිධ උෂ්නත්ව මට්ටම් ඇති විවිධ කලාප ආශ්‍රයෙන් සිදු කරන ලදී. අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ නැගෙනහිර යුරෝපය හා ආශ්‍රිත කලාපයේ වන අතර උප සහරා කලාපය ශීතල හේතුවෙන් වැඩි පිරිසක් මිය ගිය කලාපය වේ.

එමෙන්ම දේශගුණික අර්බුධ හේතුවෙන් මානව සෞඛ්‍ය තර්ජනයට ලක්වීම සම්බන්ධව ලෝකයේ රටවල් බොහොමයක අවධානය ගිලිහී ඇති බව පෙන්වා දෙන මෙම වාර්ථාව දේශ ගුණික අර්බුද සදහා මුහුණ දීමට රටේ සෞඛ්‍ය පද්ධති ශක්තිමත කිරීමට රටවල් විසින් ගන්නා පියවරයන් කුමක්ද? ඒ සදහා සැකසිය යුතු ප්‍රතිපත්ති මොනවාද? ඒ සදහා අරමුදල් සම්පාදනය ආදිය සම්බන්ධවද මෙමගින් විමර්ශනය කළේය?

ගෝලීය දේශගුණික හා සෞඛ්‍ය සංවිධානය විසින් කරණ ලද ශ්‍රේණිගත කිරීමකට අනුව දේශගුණික වෙනස්වීම් මත මානව සෞඛ්‍ය කෙරේ දක්වන ප්‍රතිචාරය පිළිබදව ලෝකයේ සංවර්ධිත රටවල් පවා ලබා ගෙන ඇත්තේ ඉතා අඩු ලකුණු මට්ටම්ය. වැඩිම අවධානයක් දක්වා ඇති රාජ්‍යයන් සදහා ලකුණු 15ක් ලබා දී තිබුණද ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය, නෝර්වේ සහ අයිස්ලන්තය ආදී රටවල් වලට ලැබෙන්නේ ලකුණු 0කි. යුරෝපා සංගමය ද අවම ලකුණු මට්ටම සිටි. එය ලකුණු 15 න් එකක් ලබා ගත් අතර එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය පිළිවෙලින් ලකුණු 6 සහ 7 ලබා ගත්හ. කොස්ටාරිකාව ඉහළම ස්ථානයට පත්වූ අතර 15 න් 13 ක් ලබා ගන්නේය.

මේත් සමග ලොව බොහෝ රටවල් සාධනීය පියවරයන් ගැනීමට සූදානමින් සිටියද තවත් ඇතැම් රටවල් දේශ ගුණික විපර්යාසයන් යන්න විහිළුවට ගනිමින් සිටී . පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සංගමය ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් 60ක් එරට ජනපති මොරිසන් ගේ රජයෙන් ඉල්ලා සිටින්නේ පැරිස් සම්මුතියට අනුව ඔස්ට්‍රේලියාවේ දේශගුණික අරමුණූ පිහිටුවීමේදී මානව සෞඛයය ඊට ඇතුලත කළ යුතු බවයි.

Figure thumbnail gr1

පෙර පුරෝකථන අසාර්ථකයි අධික උණුසුමක් සමග ජීවත් වන කාලය අත ළග

කැනඩාව හා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල් කිහිපයකම සාමාන්‍ය ජන ජීවිත කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින අධික උෂ්ණත්වය විසින් මීට වඩා දැඩි උණූසුමක් සහිත ලෝකය ජීවත් වන්නට වන සූදානම පෙරට වඩා වේගවත්වීමේ අනතුරු අගවමින් සිටින බව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් පිරිසක් විසින් අවධාරණය කරමින් සිටී.

මේ වන විට පවතින තාප තරංග පිළිබදව සිදු කල පළමු විශ්ලෙෂණ වාර්ථාව පසුගිය බදාදා නිකුත් කරන ලද අතර එහි සදහන් වන්නේ දේශගුණික විපර්යාස විසින් පවතින ආන්තිත කාල ගුණය අඩුම තරමේ150 ගුණයකින් ඉහළ යෑමට නියමිත බවයි. මෙම තාප තරංග සමග මෙතෙක් ලෝකය පිළිබද තබා තිබූ පුරෝකථනයන් වෙනස් වනු ඇත. හරිතාගාර ආචරණය හේතුවෙන් ලෝකයේ උෂ්ණත්වය වැඩි වනු ඇති බවට පුරෝකථනය කර තිබූ මට්ටමට වඩා එය ඉහළ යන්නට නියමිත බව මෙම වාර්ථාව පවසයි.

මෙම අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉශළ යෑමේ වේගය පිළිබදව පුරෝකථකථනයන්ට අනුව මෙතෙක් පැවති නරකම තත්ත්වය පවා මේ වන විට ඉක්මවා ගොස් ඇති බවයි. ඉදිරියේදී මෙම තාප තරංගයන් ලෝකයේ තවත් ප්‍රදේශ පුරා පැතිර යෑම වැළැක්විය නොහැකි බවද මෙම වාර්ථාව මගින් පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්