ෂරියා විශ්ව විද්‍යාලය ගැන වාර්තාව හෙට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කර ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ කමිටු වාර්තාව හෙට (25දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම කමිටු වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කළේය.

එසේම මෙම කමිටු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන අවසන්වන තෙක් එය හදිසි නීතිය යටතේ රජයට පවරා ගැනීමට කටයුතු කරන ලෙස කමිටුව සිය වාර්තාවෙන් සඳහන් කරයි.