සංඝ සමුළුවේදී දැඩි ප්‍රකාශයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ වත්මන් අර්බුද විසඳා ජනතාවට සහන සැලසීම සඳහා තෛනිකායික මහනාහිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සංඝ සම්මුතියකට එළැඹීම අද (30) සිදු කෙරිණි.
ඒ, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශයේ පැවැත්වෙන සංඝ සමුළුවකදීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා එක්ව සිටියහ.

මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නා හිමියන් විසින් අදාළ සංඝ සම්මුතිය ප්‍රකාශයට පත් කළේය.