සංචරණ සීමා අද සිට දැඩි කෙරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ්(10) මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකා ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශන හා සීමා මාලාවක් ද නිකුත් කිරීමට නියමිත බව හෙතෙම කීය. කෙසේවෙතත් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට හෝ දිවයින පුරා අගුලු දැමීමට දැනට තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම කීය.

නිල රාජකාරි සඳහා යන අය, සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය සේවා ප්‍රවාහන කටයුතු හැර අන්තර් පළාත් සංචාරක තහනම දැඩි ක්‍රියාත්මක කරන අතර සෙසු අය වැළැක්වීම සඳහා පළාත් මායිම්වල විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිිරීමට ද අපේක්ෂිත ය.

එමෙන්ම විවාහ මංගල උත්සව සඳහා ශාලාවේ අසුන් ගැනීමේ ධාරිතාවය නොසලකා අමුත්තන් 50 දෙනෙකුට පමණක් මංගල උත්සවයක් සඳහා අවසර දෙමින් ඊට පෙර ලබාදුන් සහනය ද ඉවත් කර තිබේ. මීටි පෙර ශාලාවේ් ආසන 500කට වැඩි ඉඩ පහසුකම් තිබියදී 150 දෙනකු විවාහ මංගල්‍යයක් හෝ එවැනි උත්සවයක් සඳහා ගෙන්වීමට අවසර ලබාදී තිබුණු අතර නව සීමාව යටතේ එවැනි උත්සවයකට ගෙන්විය හැක්කේ 50 දෙනකු පමණක් ලෙස සීමා කර ඇත.