සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.
ඒ අනුව සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන ද වසා තැබිය යුතු බවත් එම සංගමය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
එසේ නොවුනහොත් එම ආයතන හරහා වෛරසය පැතිර යා හැකි බවත් එම සංගමය සඳහන් කර සිටී.