ඇමරිකාව තුල මේ වනවිට ක්‍රියාත්මක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග , එළඹෙන ජූනි මස වනවිට එරට දෛනික මරණ ගණන 3000 දක්වා ඉහල යාහැකි බව වොෂින්ටන් පොස්ට් පුවත්පත අනතුරු අඟවා සිටී.
මේ වනවිට ඇමෙරිකාව තම සංචරණ සීමා කැපී පෙනෙන ලෙස ලිහිල් කරමින් සිටින අතර මේ හේතුවෙන් ඉදිරියේදී එරට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දෙගුණයකින් වර්ධනය වනු ඇති බවද වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාර්තාවක් උපුටා දක්වමින් පුවත් පත සඳහන් කර ඇත.
ඒ අනුව ලබන අගෝස්තු මස වනවිට ඇමෙරිකානුවන් 135000 කට අධික පිරිසක් මෙම වසංගතය හේතුවෙන් මියයනු ඇති බව එම විශ්වවිද්‍යාලය නිකුත් කල නවතම වාර්තාවකින් අනුමානය කර ඇත.
දැනට පවතින සීමා ලිහිල් කිරීම හරහා මෙසේ වෛරසය ඉතා වේගවත්ව රට පුරා පැතිරයාමේ ඉඩකඩක් ඇති බවද එම විශ්වවිද්‍යාලය තම වාර්තාවේ සඳහන් කර ඇත .