නවතම පුවත්

සංචරණ සීමා , සෞඛ්‍ය නිර්ණායක ලිහිල් කිරීම ගැන සැකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචරණ සීමා හා සෞඛ්‍ය නිර්ණායක ලිහිල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ කිසියම් බලපෑමකට යටත්ව ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි

මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් තිදෙනා සම්බන්ධයෙන් මේ දක්වා තමන් වෙත කිසිදු තොරතුරක් ලබාදී නොමැති බවද  උපුල් රෝහණ පවසයි .ඔහු සඳහන් කළේ එලෙස වාර්තා වූ එක් ආසාදිතයෙකු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම එම ආසාදිතයා මෙරට දින දෙකක් කාලය ගත කර ඇති බවත්, ඔහු සමාජ ශාලාවල සැරිසරා ඇති බවට ද නිල නොලත් තොරතුරු වාර්තා වන බව සඳහන් කළේය .

 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ  උපුල් රෝහණ මහතා,මෙසේද පැවසීය

ඊයේ දිනයේදී ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. නමුත් මේ දක්වා අපිට වසංගත රෝග විද්‍යා අංශයෙන් හෝ කිසිදු රසායානාගාරයක් මගින් නිල දැනුම් දීමක් සිදුකර නැහැ.

නිල නොවන තොරතුරු අනුව මේ තිදෙනාගෙන් එක් අයෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු ඉකුත් 09 වෙනිදා මෙරටට පැමිණ ඇත්තේ, ඒ වාගේම ඔහු එන්නත් දෙකම ලබා ගත් අයෙක්. ඒ වගේම ඔහු දිවයිනට පැමිණීමට පැය 72කට පෙර ගත් PCR වාර්තාවක් මගින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබෙනවා.

ඒ පුද්ගලයා දින දෙකක් මෙරට සමාජ ශාලාවල සැරිසර තිබෙන බවට යම් යම් නිල නොවන තොරතුරු වාර්තා වෙනවා. මෙම පුද්ගලයා නැවත දිවයිනෙන් පිටව යන්න හදනවිටයි ඔහු කොවිඩ් ආසාදිතයෙකු කියා හඳුනා ගෙන තිබෙන්නේ.

මේකත් එක්ක අපිට අවධාරණය වෙන්නේ රට තුලට පැමිණෙන විදේශිකයින් PCR පරීක්ෂණ වලට ලක්කිරීම සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය වන බවයි. අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරයි කියලා මේ ගැන.”

“ඔමික්‍රෝන් ආසාදිතයින් ලංකාව තුළ හමුවෙද්දි උත්සව සමයේ දී මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරද්දි විශාල අවධානමක රට තියෙද්දි තවදුරටත් මේ සංචරණ සීමා සහ නිරෝධායන නීති ලිහිල් කිරීම කෙතරම් දුරට සාධාරණ ද සහ ප්‍රායෝගික ද කියන එක පිළිබඳ බරපතළ ගැටලුවක් නිර්මාණය වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් මේ ලිහිල් කිරීම සිද්ධ කරේ ඇත්තටම කොවිඩ් -19 වසංගතයේ දත්ත පදනම් කරගෙන ද එහෙම නැත්නම් වෙනත් කාගේ හරි බලපෑමකට කියන බරපතළ ගැටලුවක් අපිටත් නිර්මාණය වෙලා තියෙනවා. කෙසේවෙතත් ඉදිරියේ දී රට තුළ කොවිඩ් -19 වසංගතය නිසා ව්‍යවසනයක් නිර්මාණය වීමට නියමිතයි. මේ තත්ත්වය යටතේ මහජනතාව උත්සව සමය සමරලා අවසන් වු වහාම රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් ගනී. මේ වෙද්දිත් ජනමාධ්‍ය හා නිල වශයෙන් වාර්තා කරන සංඛ්‍යා ලේඛනවලට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්