නවතම පුවත්

සංචාරකයන්ට බලපෑම් කල කටුනායක කුලී රථ රියදුරන් අත්අංඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගියදා පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 31 ත් 68 ත් අතර පසුවන මෙම පුද්ගලයන් , දේශීය සහ විදේශීය සංචාරකයන්ට ගුවන් තොටුපළෙන් පිටව යෑමේ දී තමන්ගේ කුළී රථ ගමන් ගන්නා ලෙස බලපෑම් කිරීම සහ පසුව ඔවුන් බලහත්කාරයෙන් තම රථ වල එම මගීන් නංවා ගෙන , ඒ සඳහා ගමන් ගාස්තු වශයෙන් ඉතා අසාධාරණ මුදල් අය කර ගත් බවටත් චෝදනා රාශියක් පසුගිය සති වල ඔවුන්ට එල්ල වී තිබුණි.

මෙසේ පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ එසේ දේශීය සහ විදේශීය සංචාරයකයන්ට බලපෑම් සිදු කළ පුද්ගලයන් බව මේ වන විට හඳුනා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකාය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර , මෙම කටයුතු වලට සම්බන්ධ තවත් පිරිස් සොයා ඉදිරි දින වල දී තවත් වැටලීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවට ද තොරතුරු වාර්තා වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්