නවතම පුවත්

සංචාරකයින් වැඩිපුර ඇවිල්ලත්,ආදායම අඩුවුනේ කොහොමද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් උපාය ඇති ආදායම ඩොලර් මිලියන 107.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. කෙසේවෙතත් මෙය 2021 නොවැම්බර් මාසයේ දී වාර්තා වන ඩොලර් මිලියන 115.4 ක සංචාරක ඉපැයීම් හා සැසඳීමේ දී පහළ යාමකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ 2021 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 115.4 ක් උපයා ඇත්තේ සංචාරකයින් 44,294 ක් මෙරටට පැමිණ ඇති පසුබිමක වීමයි. 2022 නොවැම්බර් මාසයේ දී 59,759 ක සංචාරකයින් සංඛ්‍යාවක් හරහා උපයා ඇත්තේ ඩොලර් මිලියන 107.5 ක් පමණි.

මේ අනුව වාර්ෂික පදනම මත 2021 නොවැම්බර් මාසයට වඩා 2022 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 35% කින් ඉහළ ගොස් ඇතත් ඒ හරහා උපයා ඇති ආදායම 6.8% කින් පහළ ගොස් තිබේ.

සමස්තයක් ලෙස සැලකීමේ දී 2022 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් වන අතර එය 2021 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ අගය වූ 104,989 හා සැසඳීමේ දී 498% ක වර්ධනයකි.

මේ අතර අදාළ කාලපරිච්ඡේදය තුළ ඉපයීම් 2021 වසරේ ඩොලර් මිලියන 273.6 ක් ලෙසින් වාර්තා වන අතර එය 2022 වසරේ දී ඩොලර් මිලියන 1,129.4 ක් දක්වා 312.8% කින් ඉහළ ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්