ජෛව බුබුළු සංකල්පය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සියලු සංචාරක ස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත .
සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අදාළ තීරණයට එළැඹි බවය.
මේ අතර, සියලු සංචාරක සේවා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු නිදහස් කිරිමට, සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත
ඒ අනුව, එම අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක සේවා සඳහා දෙසැම්බර් මස 31 දක්වා බලපත්‍ර අලුත් කිරිමේ ගාස්තු අය කිරීමක් සිදුනොවනු ඇත