නවතම පුවත්

සංජීව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට

අසංක

අසංක

 

දම්පත් රණසිංහ

සංජීව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස් කොට තිබේ.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබූ සංජීව ධර්මරත්න මහතා ගණිත විෂයෙන් උසස් පෙළට මුහුණ දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් ව ඉන් පිටවන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙසිණි.

ධර්මරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ 1999 වසරේදීය. ඒ ආධුණික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසිණි.

දිවයිනේ ප්‍රදේශ රැසක සේවයේ නිරතව සිට ඇති ඒ මහතා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙසත් කොළඹ දකුණ කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා ලෙසත් සේවය කර තිබේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය දරුණුවටම පැවැති වකවානුවේ සේරුවාවිල සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය නිරත වෙමින් ගුරුවරුන් නොමැතිව පැවැති නීලපොළ, දෙහිඅත්ත, මහින්දපුර සහ මහවැලි ගම යන පාසල්වල සාමාන්‍ය පෙළ සිසුන්ට ගණිත විෂයේ ගුරුවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.

එසේම යුද්ධයේ අවසන් වකවානුවේදී ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙක් ලෙස එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමටද ඔහු කටයුතු කර ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස ධර්මරත්න මහතා පොලිස් පුහුණු, බදවා ගැනීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා භාර පොලිස් ප්‍රධානියා ලෙසත් සේවයේ නිරතව සිට ඇත.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවටද එක්වෙමින් හයිටි සහ ටිමෝරයේ රාජකාරියේ නිරතව සිට ඇති අතර ඔහුගේ සේවය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රශංසා පවා හිමිව තිබේ.

අවිධිමත්ව පැවැති පොලිස් ශිෂ්‍ය භට ව්‍යාපාරය වත්මන් පුරෝගාමියා වන්නේද සංජීව ධර්මරත්න මහතාය.

කළමනාකරණ සහ අපරාධ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිධාරියෙක්ද වන ධර්මරත්න මහතා පොලිස් සුභසාධන සහ වෛද්‍ය සේවා දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස්වීමට පෙර අවසන් වරට සේවයේ නිරතව සිටියේය. පොලිස්පතිධුරයට උසස්වීම් ලැබීමට පෙර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්