කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු කාර්යාල දුම්රිය දෙකක් රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර අද උදෑසන එකිනෙක ගැටී තිබේ.
දුම්රිිය පාලක මැදිරිය සදහන් කරන්නේ මෙම අනතුර සුළු අනතුරක් බවත් එමගින් බරපතළ හානි කිසිවක් සිදුවී නැති බවයි.
අද උදෑසන සිිට දුම්රිය වාර විශාල සංඛ්‍යාවක් සංඥා පද්ධති දෝෂ හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වී ඇත.
කොවිඩ් වසංගතය හේතුවෙන් නවතා දමා තිබූ පළාත් අතර දුම්රියන් ඇතුළු පොදු ප්‍රවාහනය අද ඇරඹුණේ මාස ගණනාවකට පසුවයි.