නවතම පුවත්

ශ්‍රී ලංකා- ප්‍රංශ, සෘජු ගුවන් ගමන් ඇරඹේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 06කට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් අද (31) සිට යළි ආරම්භ කර ඇත

ඒ අනුව, අද අලුයම 1ට යු.එල්. 563 දරන ශ්‍රී ලංකන් ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර චාර්ල් ඩි ගෝල් ගුවන්තොටුපොළ බලා පිටත්ව ගිය බව සංචාරක අමාත්‍යාංශය පැවසීය.

සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා එලෙස ශ්‍රී ලංකන් ගුවන්යානයක් පැරිස් නුවර බලා පිටත්වීමට නියමිත අතර එම දිනවල ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා ගුවන්යානයක් පැමිණීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කළේය.

1980 වසරේ දී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන්ගමන් ආරම්භ කෙරුණු අතර 2015 වසරේ දී එය නතර කෙරුණි.

කටුනායක ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට ගමන් කිරීමට පැය 10කට ආසන්න කාලයක් ගත වන බව සඳහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්