නවතම පුවත්

සජබය ඇතුළෙත් අවුලක් “පැන්නුවත් ආණ්ඩුවට යන්නේ නෑ” – මන්ත්‍රී හේෂා

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තමා සහ චමින්ද විජේසිරි මහතා පියවර ගත්තේ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක් මිස වුවද ආණ්ඩුවට යාමට සූදානමක් නැතිවාක් මෙන්ම යැවීමට නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

පරාජය වූ නායකයින් යළි ඉදිරියට ගෙන ඒම සදහා පක්ෂය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක වන නිසා එම පියවර ගත් බව ඔහු ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

එය පක්ෂයේ අභ්‍යන්තර එය පක්ෂය තුළ විසඳාගත යුතු හෙයින් අදාල ලිපිය පක්ෂයේ මහ ලේකම්වරයාට භාර දී දවස් කිහිපයක් ගත වුවත් මාධ්‍යයට හෙළි නොකළ නමුත් එය මාධ්‍ය වෙත හෙළි කළ ‘කාලකන්නි දේශපාලනඥයින්’ කවුරුන්ද යන වග සොයා බැලිය යුතු බවත් ඔහු කීය.

“ඇත්තටම දිස්ත්‍රික්කය තුළ මට ජනතාව හයියක් දීලා මට කතා කරන්න බැරිනම් දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් ගැන දිස්ත්‍රික්කය වෙන සිද්ධි ගැන මට පක්ෂයේ මහ ලේකම් තුමාවත් දැනුවත් කරන්නේ නැත්නම් මම හිතනවා මම දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙක් විදියට විදියට ආසනයට කොටුවෙලා හින්දි මේ තේරුමක් නැහැ. ඒ ආසනයත් ඒ තීන්දු තීරණ ගන්න උදවියට අවශ්‍ය විදිහට ගන්න තමයි මම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වුණේ. විශේෂයෙන්ම ජයතිස්ස රණවීර අමාත්‍යවරයා මේ පක්ෂයට කැඳවාගෙන ආවා එතුමාට පොරොන්දු වෙලා තිබුණා ආසනයක් ලබා දෙනවා කියලා ඒ ආසනේ ලබා දෙන්න ඔය කියන කණ්ඩායම ඒ අවශ්‍ය කටයුතු කළේ නැහැ. නායකතුමා තීන්දුව දීලා තියෙන්නේ ඒක කළේ නෑ. ඉතින් ඒක නිසා අඩුම තරමේ එතුමාට සාධාරණයක් ඉටු කරන්න වත් මම මගේ ආසනයේ දිය යුතුයි කියලා මම තීන්දු කරලා තමයි මම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වුණේ.

අපි මතක් කරනවා සල්ලි මළුවලට දේශපාලනඥයෝ විකුණුන මේ ඉතිහාසයේ අපි දන්න විශාලම ගනුදෙනුව වෙච්ච දිනය තමයි එක්තරා දිනයක අද වගේ දවසක්.  දින 52 ක පටන් ගන්නේ අද වගේ දවසක. අද අපි කියනවා සල්ලි මලු  කැරකැවුණා. ඒ දවස්වල තමයි හේශා විතානගේ ලා චමින්ද විජේසිරිලා සල්ලිවලට ගන්න වාහනවල සල්ලි පුරවා ගෙන ආවේ ඔය ලොක්කෝ කෑගැහුවේ. එවැනි යුගයක මේ පක්ෂය පාවා නොදීපු අපි පසුගිය විසිවන සංශෝධනය වෙලාවෙත් අපිට ගැහුවා ඔන්න හේෂයි චමින්ද යනවා කියලා අපිව යවන්න ඕනේ කමක් තිබ්බේ. යවන්න ඕන නායකයින්ට කියනවා ලේසි වෙන්නේ නෑ. දුනේෂ් ගන්කන්ද යවාත්තට මේකට හයිය දීපු පුංචිනිලමේලා යවා ගත්තට හේශා ව යවා ගන්න ලේසි වෙන්නේ නෑ කියලා පණිවුඩය දෙනවා ලොම් හැලුණු නායකයෝ රත්නපුරයෙන් එලවන්න ඕන කියන තීන්දුව ජනතාව ලබාදීලා තිබෙනවා.

ආණ්ඩුවට මේ තොරතුරු දීලා තිබෙන්නේ තමන්ගේ කුණු වුණු වැටුණු වලේ ඉන්න දේශපාලන චරිත ගොඩ එන්න ප්‍රවෘත්තියක් බවට පත්කරගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර දේශපාලන නායකයෝ උත්සාහ කරනවා හේශා විතානගේ පොහොට්ටුවේ මේ තනතුර ගත්තා කියලා තොරතුරු පතුරන්න. නායකතුමාට කියනවා ඉදිරියේ දී මේ චරිත මොන ආකාරයේ නාට්‍යයදී මේ චරිත මොන ආකාරයේ නාට්‍යයක් රඟ දැක්වූවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව සජිත් ප්‍රේමදාස කියන චරිතය සමග ගොනු වෙලා ඉන්න ජනතාව මේ බොරු කාරයින්ට මේ වැඩ බැරි ටාසන්ලා ට අහුවෙන්නෙ නෑ ඒක පසුගිය මැතිවරණයේදී ඔප්පු කරලා පෙන්නුවා” යැයි ද  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්