සජිත්ගේ අපේක්ෂකයෝ 12ක් රනිල් පිළට එක්වන සූදානමක්!

Picture of අසංක

අසංක

 

සමගි ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට නාමයෝජනා භාර දී ඇති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු යළි එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

මේ අනුව එම මන්ත්‍රීවරුන් දැනටමත් රනිල් පිළ සමග සාකච්ජා ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තිදෙනෙකු මෙන්ම කොළඹ, මහනුවර, මාතලේ, රත්නපුර, බදුල්ල, මොණරාගල සහ අනුරාධපුර යන දිස්ති‍්‍රක්ක නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 07 දෙනෙකු ද මේ අතර වන බව වාර්තාවේ.

කෑගල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කළ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු ද යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කර සිටී