සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන එජාප අමාත්‍යවරුන්ගේ අමාත්‍යාශ සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු කිරීමකට ලක්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන එජාප මැති ඇමතිවරුන් ආරම්භ කර ඇති සංවර්ධන වැඩසටහන් රැසක් අතරමග නතරවී ඇති බවටද තොරතරු වාර්තාවේ.
මේ යටතේ හරීන් ප්‍රනාන්දු හා නිරෝෂන් පෙරේරා යන මැති ඇමතිවරුන්ගේ සංවර්ධන වැඩසටහන් කිහිපයක්ම මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට ඇති බවද වාර්තාවේ .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම හා මෙහෙයවීම යටතේ මෙම මූල්‍ය කප්පාදුව සිදුවන බවටද පක්ෂ අභ්‍යන්තරයේ පිරිස් අනුමාන කර තිබේ