නවතම පුවත්

සජිත්ට සහය වන තවත් 37ක් එජාපෙන් දොට්ට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් සමගි ජනබලවේගයට සහය දැක්වූ තවත් පළාත් පාලන මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඒ එජාපයේ ප්‍රගමනය උදෙසා දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් බව එම පක්ෂය පවසයි.

මෙම ඉවත් කිරීමට එරෙහිව නඩු පැවරූ බව සමගි ජනබලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් මෙන්ම, පළාත් පාලන ආයතන නියෝජිතයින් 115 පක්ෂයෙන් නෙරපීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය අගහරුවාදා තීරණය කළේය.

එජාප උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසා ඇත්තේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සාමාජිකයින් සම්බන්ධයෙන් අදියර 4ක් යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ බවට වාර්තා වූ සාමාජිකයින් රැසක් සඳහන් කර ඇත්තේ තමන් පක්ෂයෙන් ඉවත් කළ බවට කිසිදු ලිපියක් මෙතෙක් ලැබී නොමැති බවයි.

කෙතරම් පිරිස් ඉවත් වුව ද, එක්සත් ජාතික පක්ෂයට හානියක් සිදුනොවන බව පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය පක්ෂය සාමාජිකත්වයෙන් අද ඉවත් කරන ලද 37  දෙනාගේ ලැයිස්තුව පහත දැක්වේ.

  1. යෝගදාස් රාම් මහතා
  2. එරන්ද වැලිඅංග මහතා
  3. අනුරාද විමලරත්න මහතා
  4. චන්න විකුම් මහතා
  5. චන්ද්‍ර පුෂ්ප කුමාර ද සිල්වා මහතා
  6. ජෙරාඩ් ඉග්නේෂස් ශිරන්ත මහතා
  7. සිරි කමල් මහතා
  8.  විජිත් විජයමුණි සොයිසා මහතා
  9. චන්ද්‍ර කිත්සිරි කහටපිටිය මහතා
  10. විජිත් ප්‍රියන්ත සිල්වා මහතා
  11. රවීන්ද්‍ර යසස් කුමානායක මහතා
  12.  තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා
  13. ඡන්ද ගලප්පත්ති මහතා
  14. තිස්ස බණ්ඩාර හේරත් මහතා
  15.  තාරක නානායක්කාර මහතා
  16. චතුර හර්ෂ කුමාර ගලප්පත්ති මහතා
  17. කේ ජී කපිල මහතා
  18. රංජිත් මුණසිංහ මහතා
  19. නිහාල් වෙදආරච්චි මහතා
  20. සරත් ලොරෙන්සුහේවා මහතා
  21. එම අසංක පෙරේරා මහතා
  22. රූකාන්ත ගුණතිලක මහතා
  23. ජනරාල් ප්‍රනාන්දු මහතා
  24. කිංස්ලි ලාල් ප්‍රනාන්දු මහතා
  25. චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා
  26. ජනක ප්‍රියන්ත සමරසිංහ මහතා
  27. කිංගස් කුමාර නෙල්සන් මහතා
  28. ලක්ෂ්මන් පින්තූ සෙනවිරත්න මහතා
  29. සමිත ආටිගල මහතා
  30. නිමල් පද්මසිරි විජේනායක මහතා
  31. ආරියවංශ මහතා
  32. කිංස්ලි කරුණානායක මහතා
  33. මෙල්වින් පෙරේරා මහතා
  34. දිනේෂ් ෆොන්සේකා මහතා
  35. රන්දික ප්‍රබුද්ධ රංගේ බණ්ඩාර මහතා
  36. ඉන්දික කුමාර මහතා
  37. රන්මලී ගුණවර්ධන මිය
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්