එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද රාත්‍රි පැවැත්වීමට නියමිතව තිබේ.
සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සහ ඒ ආශ්රිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අපේක්ෂකයා තෝරාගැනීම හා ඒ පිළිබඳ මතුවන සෙසු දේශපාලන තීන්දු තීරණ ගැටලු ආදිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ තුළ හා විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණ.
මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය, පෙරටුගාමී පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කර තිබේ.