නවතම පුවත්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙවර වෙසක් උත්සවය නිමිති කර ගෙන වෙසක් සැරසිලි රැසක් සිදු කර තිබුණු අතර දන්සැල් රැසක්ද සංවිධානය කර තිබිණි. මැයි 22 වැනි දා සිට 27 වැනි දා දක්වා ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයින පුරා පිහිටි ශාඛා මට්ටමින් දන්සැල් රැසක් ක්‍රියාත්මක කළ අතර ඊට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන එකම වර්ණයේ වෙසක් සැරසිලිවලින් දිවයිනේ සෑම ශාඛාවක්ව විචිත්‍රවත් කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක කළේය.

මෙම වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් මැයි 22 වැනි දින මඤ්ඤොක්කා දන්සැලක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලය අභියස සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා නන් දෙසින් විශාල පිරිසක් සහභාගී විය. වෙසක් දිනයට පමණක් සීමා නොවුණු දාන, සීල, භාවනා වැඩසටහන් රැසක් වසර මුළුල්ලේ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. Great Place to Work ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ඇති අතර වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයයි.

11
සූර්යබල විදුලිය මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට
Covid India
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ඉන්දියාවේ මතය මෙන්න !
IMF
ශ්‍රී ලංකාව ගැන IMF සතුටෙන් !
image-13
විදේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවෙකුට ජාතික පුහුණුකරු පහරදීමට තැත් කරයි.
Ranil_Wickremesinghe
BREAKING🔴LIVE | ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
image-11
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට
image-10
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි !
inflation decrease
උද්ධමනය පහළ ගිහින්
image-9
වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක්
image-8
පියුමි හිරවෙයි !