The Island පුවත්පතේ සේවය කරමින් සිටියදී දැනට සතියක පමණ කාලයක සිට රාජකාරියට නොපැමිණි මාධ්‍යවේදී සැකී ජබාර් මහතාගේ මළසිරුර තලන්ගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී හමුවී තිබේ.
පොලිසිය පවසන්නේ මේ ගොස් ඇති 60 හැවිරිදි මාධ්‍යවේදියා මීට දින කිහිපයකට පමණ ඉහත දී මියගොස් ඇති බවයි.
සතියක පමණ සිට එම මාධ්‍යවේදියා රාජකාරියට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳ මාධ්‍ය ආයතන විසින් ඔහුගේ සොහොයුරාට දැනුම් දී ඇත.
සොහොයුරා ඔහු පිළිබඳ සොයා බැලීමට නිවසට ගිය විට නිවසේ කාමරයක තුළ මෙය ගොස් වැටී සිටියදී මාධ්‍යවේදියාගේ මළ සිරුර හමුවී තිබේ.
මෙම මාධ්‍යවේදියා සිය නිවසේ ජීවත් වී ඇත්තේ තනිවමය.
මෘත ශරීරය සම්බන්ධයෙන් කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.