සති අන්තයේ රටපුරා නිරෝධායන මෙහෙයුමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කර සිටී .

මෙම විශේෂ නිරෝධායන මෙහෙයුම්වල කොටසක් ලෙස මාර්ග බාධක සකස් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙම කාලය තුළ බස්නාහිර පළාතේ පිවිසුම් , පිටවීමේ ස්ථානවල සහ අනෙකුත් දිස්ත්‍රික්කවල පිවිසුම් ස්ථානවල විශේෂ මාර්ග බාධක ඇති කරන බව පොලිසිය  පැවසීය.

බස්නාහිර පළාතේ පිවිසුම් සහ පිටවීමේ ස්ථාන 14 කදී වාහන 2585 ක පුද්ගලයින් 3401 දෙනෙකු පෙරේදා (18) පරීක්ෂාවට ලක් කර ඇත.