සති දෙකකට රට වැසීම ගැන, අවසන් තීරණය අද !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට රටේ උද්ගතව ඇති ඉන්ධන හිඟවීම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් සති දෙකක කාලයක් සඳහා රජයේ කාර්යාල සහ පාසැල් මාර්ග ගත ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

රටේ දෛනික ඉන්ධන භාවිතය අවම කිරීමට රජයේ අවධානය වැඩි වශයෙන් යොමු වී ඇති මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි පැය කිහිපයේදී ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් වන රජයේ ඉහළ පෙලේ විශේෂ සාකච්ජාවක් ද හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව අද දිනයේදී ශ්‍රී ලංකාවට ලඟා වුවා. එම ඉන්ධන නෞකාවෙන් පසුව මෙරටට නැවත ඉන්ධන නෞකාවක් ලබා ගැනීමට සිදුව ඇත්තේ මුදල් ගෙවීම හරහායි. කෙසේ වුවද රටේ පවතින විදේශ විනිමය අර්බුධය හමුවේ ඉන්ධන නෞකා සහ ගෑස් නෞකාවන් සඳහා මුදල් ගෙවීමට දැඩි අර්බුධකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා.

මේ අතර හෙට දිනයේදී පුද්ගලික බස් ධාවනය සිදුවන්නේ සීයයට 20ක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටින්නේ. දෛනික බස් 13,000ක් ධාවනය කෙරුණද පවතින ඉන්ධන හිඟය නිසා එය බස් රථ 4,000ක් දක්වා අඩුවී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.