සති දෙකක් එක දිගට රටටම සංචරණ සීමා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 07 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත .

කෙසේ වෙතත්  ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට පමණක්  මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කරන බවද  අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී  ඊයේ(24) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .

සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේදී නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට ගොස් වෙළඳ සැල් සහ ඖෂධ අලෙවි සැල් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සලසා ඇත.

එම සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවද  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.

සංචරණ සිමා ලිහිල් කරනු ලබන අවස්ථාවන් වලදී නිවසින් පිටතට යාමේදී ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් පිටතට යාමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පැවසීය

සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවන් වලදී බැංකු කටයුතු සීමිත සේවකයින් සංඛ්‍යාවක් උපයෝගී කරගනිමින් පවත්වාගෙන යෑමට හැකි වේ.

දිවයිනේ සියලුම සුරාසැල්ද  ජුනි මස 07වෙනිදා දක්වා වසා තැබේ.